ණය රක්ෂණ සංස්ථාවේ වටිනා ලියකියවිලි අතුරුදන්…

credit insurance corporation

ශ්රීස ලංකා අපනයන ණය රක්ෂණ  සංස්ථාවේ වටිනා ලියකියවිලි අතුරුදන්වීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම්දී පරීක්ෂණයක් පවත්වන ලෙස පොදු  ව්යායපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව  (කෝප් කමිටුව) එම සංස්ථාවේ ප්රලධානීන්ට උපදෙස් දුන්නේය.

මේ අතර එම සංස්ථාවේ දූෂණ හා අක්රසමිකතා සම්බන්ධයෙන් එහි කළමනාකාරීත්වයට කෝප් කමිටුව  සිය දැඩි අප්රතසාදය පළ කළේය.

එසේම මෙම ආයතනය සම්බන්ධයෙන් මුදල් අමාත්යාංමශයට අනුබද්ධ අභ්යීන්තර විගණකවරයාගෙන් සමන්විත ස්වාධීන කමිටුවක් පත් කර සති 3ක් ඇතුළත   වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසටද කෝප් කමිටුව නියෝග කළේය.

ආයතනයේ සාමාන්යා ධිකාරීවරයාගේ ක්රිායා කලාපය සම්බන්ධයෙන් වෙනම පරීක්ෂණයක් පවත්වා අප්රේදල් 18 වැනිදාට පෙර කමිටුවට වාර්තා කරන ලෙසට  කමිටුව මුදල් අමාත්යාං ශයට උපදෙස් දුන්නේය.

ශ්රීද ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාවේ දූෂණ වංචා සහ අක්රලමිකතා පිළිබඳ විමසීම සඳහා පොදු ව්යා්පාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව එහි සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ ප්ර ධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගිය 7 වැනිදා  රැස්විය.එම කමිටුව සංස්ථාවේ   ප්රඳධානීන්ට මෙම උපදෙස් ලබාදී ඇත්තේ ඒ රැස්වීමේදීය.

ශ්රීේ ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාව කෝප් කමිටුව හමුවට මෙසේ කැද වෙන්නේ වසර දහයකට පසුවවීම විශේෂත්වයක් බවද මෙහිදී සඳහන්විය.

සිය ආයතනික සැලැස්ම හැකි ඉක්මනින් කෝප් කමිටුවට  ඉදිරිපත් කරන ලෙසද  කෝප් කමිටුව සංස්ථාවේ ප්ර ධානීන්ට නියෝග කළේය.

සංස්ථාවේ පුරප්පාඩුව පවතින අධ්යයක්ෂ මණ්ඩලයේ ප්ර ධාන තනතුරු පහ  වහාම ක්රිකයාත්මක වන පරිදි පිරවීමට කමිටුවේ සභාපතිවරයා සංස්ථා ප්රයධානීන්ට උපදෙස්  දුන්නේය.

ශ්රීු ලංකා අපනයන ණය රක්ෂකණ සංස්ථාව සිය වාර්ෂික වාර්තා පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට අපොහොසත්වීම පිළිබඳවද  පොදු ව්යාණපාර පිළිබඳ කාරක සභාව අවධානය යොමු කළ අතර වගකිව යුතු රාජ්යස ආයතනයක් ලෙස විගණකාධිපතිවරයාගේ කටයුතු වලට දෙන සහයෝගය අඩුවීම පිළිබඳව සිය අප්රනසාදය පළ කළේය.

මේ අතර ශ්රී  ලංකා අපනයන ණය රක්ෂවණ සංස්ථාවේ සිදුවී ඇතැයි පැවසෙන අක්රසමිකතා පිළිබඳව සොයා බැලීමේදී මුදල් අමාත්යාං ශයේ උදාසීන ස්වභාවය පිළිබඳව  කෝප් කමිටු සභාපතිවරයා කනස්සල්ල  පළ කළේය.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top