චීනෙන් තමයි සෝෂල් මීඩියා ජනාධිපතිවරුන්ගෙ හැම දෙයක්ම හැඬල් කරන්නෙ – දමිතා අබේරත්න (Video)

damitha aberathne talk

සමඟි ජන බලවේගයේ පැවති දේශපාලන රැළියක් අමතා ප්‍රවීණ රංගන ශිල්පිණී දමිතා අබේරත්න මෙසේ අදහස් දැක්වූවාය.

“රටේ මිනිස්සුන්ට මේ අලි පොහොට්ටු ආණ්ඩුව එල්ල කර මිලේච්ච ප්‍රහාරය මම තරයේ හෙළා දකිනවා. මගේ ගේ ගිනි තියෙනවලු මාව මරණවලු මගේ රෙදි ගලවනවලු. මම අරගලයට ගියේ තනියම. මම සජබෙට හේත්තු වෙලා. දැන් එතකොට ඒගොල්ලට විතරද ඒ ගොල්ලන්ගේ පාට පක්ෂ තෝර ගන්න අයිතිය තියෙන්නේ. ජාතික ජන බල වේගයත් එක්ක මට හිට ගන්න බෑ. මම හිටගන්නෙ මට සුදුසු තැන.

වහල් භාවයෙන් තොර ජීවත් වෙන්න පුළුවන් මිනිස්සු හදන්න පුළුවන් එකම නායකයා සජිත් ප්‍රේමදාස මහත්මයා.

සජිත් ප්‍රේමදාස මහත්මයා හැමදාම වැඩ කරා.
අද සජිත් ප්‍රේමදාසගේ සොහොයුරියට කොයිතරම් අපහස කරනවද. පල් හොරෙක් සල්ලි අච්චු ගහලනම් ඒකට ඒ මනුස්සයද වග කියන්න ඕනේ. ඒ වගේ බොරු තකතීරු දේවල් ගෙනමින් තමයි අද ජාතික ජන බල වේගය ඒ ගොල්ලන්ගේ කැම්පේන් එක කරන්නෙ.

ඔය එහෙ මෙහෙ ගිහිල්ල කියන අයගේ ආර්ථික ප්‍රත්පත්තියක් තාම නෑ. සෝෂල් මීඩියාවල ජනාධිපතිවරු වෙලා ඇති කට්ටිය නමුත් අපිට නම් ඒ වගේ සල්ලි නෑ වියදම් කරන්න. ඒ ගොල්ලනට සල්ලි තියෙනවා. චීනෙන් තමයි ඒගොල්ලන්ගේ හැම දෙයක්ම හැඬල් කරන්නෙ.

මට හරිම පුදුමයි අරගලේ පිනෙන් ජනාධිපති වෙලා අපු රනිල් ඒ අය රැකීම පිළිබදව. අනේ රනිල් වික්‍රමසිංහ මැතිදුනි ඔබේ හැසිරීම ජනාධිපතිවරයෙකුට සුදුසු නෑ. මේ රට ඔය කොයි කවුරුවත් ආධාර දෙන්නෙ නෑ.

අරගලේ හිටපු සියළු දෙනාම අද ඡන්දෙ ඉල්ලනවා. ඔය හොරු ටික ඔක්කොම හිටගෙන ඉන්නේ අර පොහොර ගෙනාපු මහ හොරෙක් ඉන්නෙ මොණරාගල පැත්තේ, අන්න ඒ හොරත් හිටන් ඉන්නේ ජාතික ජන බලවේගෙ. හරි ශෝක්. ඒ හොරු ටිකත් අරගෙන අද මාලිමාව හොරු සමග හෙළුවෙන් කියලා තමයි මට කියන්න වෙන්නෙ.”

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top