කැලණියේ නයා සහ සාෆිගේ වඳ සැත්කම් ගැන දෙරණ දිලිත් කථා කරයි (Video)

derana dilith jayaweera

ස්වාධීන රූපවාහිනියේ  වැඩසටහනකට එක්වූ දෙරණ නාලිකාවේ හිමිකාර දිලිත් ජයවීර මහතා පසුගිය වකවානු තුළ සිදුවූ කැළණියේ නාග සිද්ධිය සහ සාෆිගේ වඳ සැත්කම් සිද්ධිය පිළිබදව අදහස් දක්වා සිටියේය. ඔහු ඒ සම්බන්ධව එහිදී මෙසේ පැවසීය.

“කැළණියේ නයා දිහා බැලිය යුත්තේ මෙච්චර පටු තැනක ඉඳලා නෙමෙයි. මීට වඩා විවරණයක් තියෙන්න ඕන. මේක ආගමික වශයෙන් විග්‍රහයකට යන්න තරම් සුදුසු නැහැ.

මේ ගැන ජන සංවාදය ඇති වෙන්නෙ ඡන්දෙත් දිනලා සෑහෙන කාලෙයක් ගියාට පස්සේ කාට හරි මේක මතක් වෙලා ඒක සැරේට මේක ඇදලා ගන්නවා. නයා මතක් වෙනවා. අර මා මිත්‍ර අනුර කුමාර සහෝදරයා කියන්නෙ. එයා නාට්‍යක් වගේ නේ රඟපාන්නේ. එතකොට ඒක දේශපාලනික වෙලා. ගෝඨා දිනුවේ කැළණියේ නයා ආවා කියල පොඩි වාදයක් හදනවා සමාජයේ.
සමාජයේ තියෙන මිත්‍යා සහ ඇදහිලි අරගෙන ඒකත් මේකට සේවය කිරීම සඳහා ගේනවා.

ගෝඨාභය මහත්තයගේ කැම්පේන් එක කරේ මම. ඒ කැම්පේන් එකේ ගොං පාට් තිබුණේ නෑ. මේක සයන්ස්ටිෆික් කැම්පේන් එකක්. 2004 දී තමයි මන් පළමු වතාවට පොලිටිකල් කැම්පේන් එකක් කලේ. ඒ එක්කම මම කළා මහින්ද රාජපක්ෂ මහත්තයගේ අළුත් ශ්‍රී ලංකාවක් කියන කැම්පේන් එක. අපේ කැම්පේන්ස් වල තිබුණේ නෑ මඩ ගහන වැඩ.

සාෆි පවුලේ අයවත් මම පුද්ගලිකව හම්බවුණා. මම දෙරණේ ප්‍රධාන විධායක නිලධාරීව ගෙනල්ලා මගේ ඔෆිස් එකේදී දුක වේදනාව ප්‍රකාශ කරලා,
ඒ බිරිඳ පවා මට හම්බුවෙලා තියෙනවා. මම ඒ පිළිබඳව මැදිහත් වුණා. මේ හා සමාන්තරව දෙරණේ තවත් කාලීන ප්‍රවෘත්ති වැඩසටහන් වල එදිනම දවල් මේකේ නිවැරදි වර්ෂන් එක ඇවිල්ලා සාකච්ඡා කරලා යනවා.

මම නීරීක්ෂණය කරනවා මෙයට නොලැබිය යුතු මාධ්‍ය අවකාශයක් ලැබුණු බව. මේ හදන්න හදන මතය මෙහෙම වුණාය කියන එක. ප්‍රින්ට් මීඩියම් එකේ කරන්න පුළුවන් සෙල්ලම් ටෙලිවිෂන්  මීඩියම් එකේ කරන්න බෑ. මොකද හේතුව ටෙලිවිෂන් එකට විෂුවල්ස් අවශ්‍යයි.”

මවුවරුන් වඳ කළ බවට දොස්තර සාෆි ශිහාබ්ධීන්ට පසුගිය ජනාධිපතිවරණ සමයේ දී බරපතළ චෝදනාවක් එල්ල වූ අතර සිසේරියන් සැත්කම් කරන අවස්ථාවේ දී නැවත ගැබ් නො ගන්නා ආකාරයට මවුවරුන් ව වන්ධ්‍යාකරණයට ලක් කළ බවට චෝදනා එල්ල විය.

නඩු විභාගයකින් අනතුරු ව දොස්තර සාෆි එසේ නො කළ බව ඔප්පු වුණු අතර, නියමිත රාජකාරි කාලයට අදාළ ව වැටුප් ගෙවීමට ද අධිකරණය රජයට නියම කර තිබුණි.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top