සරණි රෙහාන්ව රවට්ටනවා වගේම මගේ ජීවිතේ මාව රවට්ටපු අය හිටියා, සම්මානයට වඩා ප්‍රේක්ෂක ආදරය බරයි-දුශේනි ද සිල්වා (PHOTOS )

dusheni de silva

අතිශය ප්‍රේක්ෂක ආදරයක් ලබමින් පුංචි තිරය ඔස්සේ විකාශනය වන පාර දිගේ ටෙලිනාට්‍යයේ සරණි, එහෙමත් නැත්නම් බන්ටිගේ චරිතය හරහා ප්‍රේක්ෂකයින් හමුවට එන දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී සුන්දර රංගන ශිල්පිනියක් තමයි දුශේනි ද සිල්වා කියලා කියන්නේ.

ඉතින් මේ වන විට ඇයගේ මුල්ම සිනමා රංගනය වන සිංහබාහු චිත්‍රපටයේ සිංහ සීවලීගේ චරිතය හරහාත් දැකගන්න ලැබෙනවා. ඒ වගේම ඇය මෙවර සුමති සම්මාන උළෙලේ ජනප්‍රියතම ටෙලි නාට්‍යය නිළිය ලෙස ද සම්මානයෙන් පිදුම් ලැබුවා.

ඉතින් ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් ඇයට ජීවිතේ පළමු වතාවට තමයිලු මේ විදිහට සම්මානයක් ලැබුනේ.

ඒ වගේම ඇයගේ පළමු සම්මානය ජනතාවගේ ආදරය වෙනුවෙන් ලැබුණ එක ගැන ගොඩක් සතුටුයි කියලයි ඇය කියන්නේ. ඉතින් සම්මානෙට වඩා ඒ ප්‍රේක්ෂක ආදරය හරි බරයි කියලත් ඇය කියනවා.

ඒ වගේම ඇය දකින්නේ අවුරුද්දක් පුරාවට යම්කිසි නිර්මාණයක නියැලෙමින් මහන්සි වෙලා කැප කිරීමෙන් කරන දෙයකට වටිනාකම් ලැබීම ආත්ම තෘප්තියක් හැටියටලු. ඉතින් ඇය මේ ගමන පටන් ගත්තා විතරයි නිසා ඒ වගේ තැනක දී ඇයට මේ වගේ සම්මානයක් ලැබීම හරියට වටිනවා කියලත් දුශේනි කියනවා.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top