හරක් කටා සහ කුඩු සලිඳුට මැඩගස්කරයට පලා යාමට ගුවන් යානයක් දුන් මෙරට ව්‍යාපාරිකයෙකු ගැන හෙළි වෙයි…

harak kata kudu salindu private jet

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන නදුන් චින්තක නොහොත් හරක් කටා සහ සලිඳු මල්ෂික නොහොත් කුඩු සලිඳුට ඩුබායි රාජ්‍යයේ සිට මැඩගස්කරය බලා යාමට පෞද්ලික ජෙට් යානයක් ලබා දුන් මෙරට ව්‍යාපාරිකයෙකු සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී තිබෙනවා. ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයේ ප්‍රතිඵලයක් ලෙසයි.

මෙම ව්‍යාපාරිකයා මහනුවර හෝ පොළොන්නරුවේ පදිංචි අයෙකු බවටයි මේවනවිට තොරතුරු අනාවරණ වී ඇත්තේ. නදුන් චින්තක නොහොත් හරක් කටා සහ සලිඳු මල්ෂික නොහොත් කුඩු සලිඳු ඩුබායි රාජ්‍යයේ සිට මැඩගස්කරය බලා යාමට උත්සහ දරා ඇත්තේ මැණික් ව්‍යාපාර සඳහා යන බව පවසමින් බවටද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේවනවිට තොරතුරු අනාවරණ කරගෙන තිබෙනවා. 

මැඩගස්කරයේදී අත්අඩංගුවට ගත් මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනා  මෙරටට රැගෙන ඒම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් අද පිටත්ව යාමට නියමිතයි.

මැඩගස්කරයේදී මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනා සමඟ 8 දෙනෙකු අත්අඩංගුවට පත්ව තිබුණා. එහෙත් මෙරටට රැගෙන ඒමට අවසර හිමිව ඇත්තේ හරක් කටා සහ කුඩු සලිඳු පමණක් බවයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ. 

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top