රට යන තරුණියන් මේ ගැන දැඩි අවධානයෙන් සිටින්න |ඩොලර් 5000 ගානේ චීන්නුන්ට විකුනන්න පුලුවන්

human trafficking

සමාගමක රැකියා දෙන බව කියා තායිලන්තයට අරන් ගිහින් අපිව ඩොලර් පන්දාහ ගානේ චීන්නුන්ට විකුණලා රුවන් පතිරණ නමැත්තාගේ පුතා පැනලා ආවා යැයි තායිලන්ත පොලිස් අත්අඩංගුවේ සිට නිදහස ලබා ඊයේ (21) මෙරටට පැමිණි තරුණියෝ පිරිසක් ප්‍රධාන පුවත්පතකට ප්‍රකාශ කර තිබේ.

චීන්නුන්ගේ ෆැක්ටරිවල අපට වධදිදී වැඩ ගත්තා. අව්වේ හිටවලා තිබ්බා. අව්වේ දුවන්න කිව්වා.

කරන්ට් එකත් ඇල්ලුවා මාසයක් විතර කන්න නොදී කාමරයක හිරකරලා තිබ්බා.

ලංකාවට යවන්න නම් ඩොලර් 5000ක් ගෙවන්න කිව්වා, යැයි ද එම තරුණියෝ පැවසූහ.

ජාතික ජනබලවේගයේ අම්බලන්තොට ප්‍රාදේශීය සභා අපේක්ෂක අනුර සේනාරත්න නමැති අයගේ කාර්යාලයේ සිට රුවන් පතිරණ නමැති භාෂා පරිවර්තකයකු විදෙස් ජාවාරමක් කළ බවට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ වැටලීම් එකකය ඉකුත් 6 වැනිදා හම්බන්තොට අධිකරණයට කරුණු වාර්තා කළේය.

ඒ රුවන් පතිරණ නමැති සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරමිනි.

මෙහි ප්‍රධාන ජාවාරම්කරු බව කියන දැනට නිවසින් අතුරුදන්ව සිටින අනුර සේනාරත්න නමැත්තා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

මෙම ජාවාරමට අදාළ පැමිණිලි 15ක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයටද ලැබී ඇත.

ජාවාරම්කරුවන්ට හසුවී තායිලන්තයට ගොස් එරටදී අපාදුක් විඳිමින් සිටි අවුරුදු විසිගණන්වල තරුණියෝ සිව්දෙනකු හා තරුණියන් ඊයේ (21 ) උදෑසන මෙරටට පැමිණියහ.

ඔවුන් අම්බලන්තොට පදිංචිකරුවන් වන අතර ඉන් තිදෙනකු එකම පවුලේ ඥාතීන්ය.

අපිට ලංකාවේ මුදලින් රුපියල් පන් ලක්ෂ පනස්දාහක් (බාත් 5500ක්) දෙන රස්සාවක් දෙනවා කියලා චීණ අය තුන්දෙනෙක් ඇවිත් කොල්ලුපිටියේ නිවසකදී ඉන්ටර්විව් කළා.

එතැනට රුවන් පතිරණගේ පුතා උෂාන් කාවින්දත් ආවා. එයත් මේ රස්සාවට යනවා කියලා තමයි අපිව ලෑස්ති කරගත්තේ.

කස්ටර්මර් කෙයා ඔෆිස්වල රස්සාවක් කියලා අපිව තායිලන්තයට අරන් ගියේ. එහිදී බෝට්ටුවල දාගෙන බෝඩර් ක්‍රොස් කරලා මියන්මාර්වලට අරන් ගියා.

අපිට එතැනදී කරන්න වුණේ විදේශිකයන් රවට්ටලා ක්‍රිප්ටෝ කරන්සි ප්‍රමෝට් කරවන එක.

ක්‍රිප්ටෝ කරන්සිවල මුදල් යොදවන්න කියලා මුදල් ආයෝජනය කරන අයගේ සල්ලිවලින්ම ජාවාරම් කරනවා.

ඇමරිකානුවන් මේ අයට අහුවෙලා සියදිවි නසාගත්තා. ඒවාත් අපිට දැනගන්න ලැබුණා.

අපි කිව්වා මේ රස්සාවට නෙවෙයි ආවේ. අපිට යන්න දෙන්න කියලා. එතැනදී වධ දුන්නා, දඬුවම් දුන්නා අපි ගිය වසරේ සැප්තැම්බර් ලංකාවෙන් ආවේ.

එතැන් ඉඳන් අපිට රුපියල් එක්ලක්ෂ පනස්දාහයි (බාත් 1500) ගෙව්වේ. මාස දෙකක් පඩි දීලා අපෙන් මාස ගණනක් නිකන් වැඩ ගත්තා.

අපි හිටපු කාමරේ ඉඳන් රස්සාවට නොගිහින් වර්ජනය කරද්දී අපිට කෑම බීම නැවැත්තුවා.

අපි එකතුකරගත් සල්ලිවලින් මියන්මාර් අයට බාත් 50ක් ගෙව්වම එක බත් එකක් ගෙනත් දුන්නා.

එක බත් එක කාලා දුක්විඳගෙන ලංකාවට එන්න උත්සාහ කළා. ඩොලර් 5000ට ඔයාලාව විකුණලා තියෙන්නේ කියලා චීන අය අපිට කිව්වා.

අන්තිමට එතැනින් එලියට දැමීමට පස්සේ දන්නේ මෙයාලා අපේ පාස්පෝට්වලට වීසා ගහලා නෑ කියලා.

ජනවාරි 19 වැනිදා එළියට අපු අපිට වීසා නැති නිසා අයෙත් පොලිසියෙන් අල්ලලා කූඩු කළා.

සත්තු වගේ හිරගෙවල්වල දැම්මා. කන්න බොන්නවත් නැහැ. අපි අපාදුක් විඳලා බැංකොක්වලට අරන් ආවේ කුකුළෝ ගෙනියනවා වගේ. කූඩු කරපු ලොරියක.

ඊට පස්සේ අපේ අම්මලා දඩ මුදල් ගෙව්වට පස්සේ අද (21 ) තමයි ලංකාවට ආවේ.

අපිව නොමරා මරලා තමයි එව්වේ.

මෙම මිනිස් ජාවාරම ගැන පාර්ලිමේන්තු මන්ත්‍රි මධුර විතානගේද පාර්ලිමේන්තුවේදීත් වැඩිදුර කරුණු අනාවරණය කළේය.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top