ලිංගික අල්ලස් ඉල්ලීම හේතුවෙන් මෙරට ප්‍රධාන මාධ්‍ය ආයතනයක් වන ITN ප්‍රවෘත්ති නිවේදිකාවක වන ඉෂාරා දේවේන්ද්‍ර ඉල්ලා අස්වෙයි. “මගේ ආසම රස්සාව මම අත් හැරියා ආත්ම ගරුත්වය වෙනුවෙන්”… (Photos)…

Ishara Dewendra

තම ආත්ම ගෞරවය වෙනුවෙන් තමන් කැමතිම රැකියාව අත හැරීමට තීරණය කළ බව මෙරට රාජ්‍ය මාධ්‍ය ආයතනයක නිවේදිකාවක ලෙස සේවය කළ ඉෂාරා දේවේන්ද්‍ර මහත්මිය කියා සිටිනවා.  

එම ආයතනයේ සිටින පුහු හයියක් මවාගත් නාකි මහල්ලන්ගේ මානසික පීඩාකාරී තත්ත්වයන් ඉවසා ගැනීමට නොහැකි හෙයින් තමන් මෙම තීරණය ගත් බවයි තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඇය කියා සිටින්නේ.

  2008 අවුරුද්දේ ළමා ප්‍රවෘත්ති නිවේදිකාවක ලෙස මාධ්‍ය ජීවිතයට අත්පොත් තැබූ තමන් සැමවිටම තම ආත්ම ගරුත්වය ආරක්ෂා කරගනිමින් කටයුතු කළ බවත්, කාන්තාවකගේ ආත්ම ගරුත්වය පිළිබඳ තැකීමක් නොකරන ප්‍රධානීන් යටතේ මානසික පීඩාවන් විඳිමින් රැකියාව කරගෙන යාමට තවදුරටත් නොහැකි තැනට පත් වූ බවත් හෙළි කොට සිටින ඇය, එසේ හෙයින් විශාල කලකිරීමක් සහ දුකක් සමග සිය පහළොස් වසක මාධ්‍ය ජීවිතය අත් හැරදැමීමට තීරණය කරන ලද බව තමාට ආදරය කළ ප්‍රේක්ෂක ජනතාවට කියා සිටියා.

ඇයගේ සම්පූර්ණ සටහන පහතින්, උපුටා ගැනීම.

මගේ ආසම රස්සාව මම අත් හැරියා… ආත්ම ගරුත්වය වෙනුවෙන්..

මේ කතාව මට කියන්න ඕන වුනේ 2023.03.15 වෙනිදා.

නමුත් ඇයි මම News කියන්නේ නැත්තේ,ඇයි පත්තරේ කරන්නේ නැත්තේ කියලා අදට ගොඩාක් අය අහන නිසා මේ කතාව මම අද කියනවා….

2008 අවුරුද්දේ ළමා ප්‍රවෘත්ති නිවේදිකාවක ලෙස මාධ්‍ය ජීවිතයට අත්පොත් තියපු මම 2023.03.15 ඒ මාධ්‍ය ජීවිතයට නැවතීමේ තිත තියන්නට හිතනවා. ඒ ලොකු කලකිරීමක් දුකක් එක්ක.

මම මගේ රැකියාවට වඩා ඉහලින්, මගේ ආත්ම ගරුත්වය ආරක්ෂා කරන්නට නිරන්තරයෙන් කටයුතු කරන කෙනෙක්. ගෑණියෙක් තනියම ජීවත් වුන පලියට ඒ ගෑණි වේස ගෑණියෙක් වෙන්නේ නෑ කවදාවත්ම. ඒක නොතේරෙන මහල්ලෝ සමහර මධ්‍ය ආයතනවල ලොකු පුටුවල ඉන්නවා බොරු හයියක් මවාගෙන.

මම ආයතනය ගණනාවක සේවය කරලා තියෙනවා.

නමුත් අවාසනාවකට මේ කියන ආයතනයේ හිටියේ ජීවිතේ ඇරියස් තියෙන මහල්ලෝ. ඒ වගේම ඉහලට යන්න නම් ඔයා මගේම වෙන්න ඕන කියන වනචරයෝ. මවාගත්ත පෞර්ශයක් තියෙන පුස්සෝ. කෙනෙක් කරදරේ වැටුනාම ඒකෙන් ප්‍රයෝජන අරන් පිහිටට බලෙන් එන බොස්ලා…

මම මේ ගැන සාක්ශි එක්ක audio video recording එක්ක බලධාරීන් දැනුවත් කළත් අදටත් ඒ ගැන කිසිම කෙනෙක් action අරගෙන නෑ..මේක මට විතරක් වුන දෙයක් නෙවෙයි කියලා මුලු ආයතනයම දන්නවා.

TV එකේ මූණ පෙන්නන්න ආසාවෙන් ආපු,ජීවිතේ ගොඩ යන්න හිතන් ආපු ගොඩාක් ගෑණු ලමයින්ට මේ කියන නාකි මහල්ලෝ මානසික වදයක් වෙන තැනකට එන්න ඇති. හැබැයි කවුරුත් හඩක් නගලා නෑ.කතා කරලා නෑ. මොකද රස්සාව ඕන. එහෙම නැතිනම් ඒ ගෑණු ලමයි මේ කියන මහල්ලන්ට බයයි.ඒ මහල්ලෝ Meeting වල ගෑණු වට කරන් double meaning කතා කියලා කොක් හඩලා හිනා වෙන එක විතරයි කරන්නේ. අසාධාරණය වුන ගෑණු වෙනුවෙන් කතා කරන්න එක ගෑනියෙක්ට වත් හයියක් නෑ. උන් ඔක්කොම යාලුවො කියලා තමයි කියන්න වෙන්නේ ..

කොහොම වුනත් මේ ගැන අදටත් කිසිම action එකක් නැති තැන මගේ මානසික සුවය උදෙසාත්, මගේ ආත්ම ගරුත්වය මට අංක 1 නිසාත් මම මගේ අවුරුදු 15 මාධ්‍ය ජීවිතය මේ විදිහට අවසන් කරන්නට හිතුවා.

මේක media වල විතරක් තියෙන දෙයක් නෙවෙයි , මේක මේ රටේ වුන පලවෙනි සිද්ධිය වත් අවසන් සිද්ධිය වත් නෙවෙයි . කවුරු තනතුරු වලට ආවත් මේ දේවල් වෙනස් කරන්න උත්සාහ ගනිවිද කියල තියෙන්නේ ලොකු සැකයක්.

ඒ නිසා කවදා හරි ඔයාගේ දුව, wife, නංගි,අක්කා මේ වගේ සෙවල නාකින්ට අහුවෙන්න දෙන්න එපා. මට වගේම තවත් ගෑණු ලමයින්ට දුන්න මානසික වදය ,බලපෑම තවත් කෙනෙක්ට හෙට දවසේ වෙන්න දෙන්න එපා කියලයි මම අයින් වෙලා එද්දීත් හිටපු බලධාරීන් ගෙන් කරපු එකම ඉල්ලීම.ඒ ඉල්ලීම ඉශ්ට වෙයි කියලා මම අදටත් විශ්වාස කරනවා..

“ඉෂාරා දේවේන්ද්‍ර” වෙනුවෙන් ආදරය කලාට..මෙතුවක් කල් මගේ ප්‍රවෘත්ති කියවීමේ කලාවට ආදරය කලාට ඔබට ස්තූතියි….🙏🏻🙏🏻

250994560 4500370763387168 7677699665141415607 n
331976083 6309993625701116 4965005276337164027 n
324936487 710647733938926 2571980412348817751 n
322123031 572854644187533 919332094876756780 n
318613803 679693113764314 8700047203984734778 n
317846395 5701167203307512 560526363320625889 n
316546926 5701167246640841 3880904149337424572 n
316104925 5664835666940666 3219901634583377654 n
316103034 5676340329123533 6074280941475897298 n
315541304 5678930692197830 6209115970180492563 n
313365745 5606051379485762 4523284671588807816 n
309420822 5533774860046748 1813758670922010327 n
278260389 5036313279792911 1440515416848362748 n
251467436 4500364380054473 2406653880235275531 n
259169615 4562163187207925 8268996653440558619 n
260995192 4588987687858808 9099596966162070791 n
Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top