මැතිවරණ කොමිසමේ නිලධාරීන් දෙදෙනෙක්ට තර්ජනය කළ පිරිස අරගලේ පිරිසක්ද? | “අස් වෙයල්ලා, පවුල් පිටින් මරනවා” | මැතිවරණ කොමිසමේ නිලධාරීන් දෙදෙනාට පොලිස් ආරක්ෂාව

mathiwarana komisama

මැතිවරණ කොමිසමේ නිලධාරීන් වන කේ. ජී. ජී පතිරණ හා එස්. බී දිවාරත්න යන නිලධාරීන් යන දෙදෙනාට නාඳුනන දුරකථන ඇමතුමකින් මරණ තර්ජන එල්ල වී ඇති බව වාර්තා වනවා.

එම නිලධාරීන් පවසන්නේ “අස් වෙයල්ලා, පවුල් පිටින් මරනවා” අදාළ දුරකථන ඇමතුම් හරහා තමන්ට තර්ජනය කළ බවයි.

මේ තත්ත්වය මත අදාළ නිලධාරීන් දෙදෙනාට පොලිස් ආරක්ෂාව ලබාදීමට තීරණය කර තිබෙනවා.

අපරාධ පරීක්ෂණ විමර්ශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් කියා සිටියේ දුරකථන ඇමතුම් හරහා මේ වන විට පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි.

පසුගිය 18 වනදා මෙම දුරකථන ඇමතුම් දෙක මෙම නිලධාරීන්ට ලැබී ඇති අතර තර්ජනය කළ පිරිස තමන් අරගලයේ සංවිධානයෙන් කියා ප්‍රකාශ කළ බව වාර්තා වනවා.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top