ගංජා මිශ්‍ර මදන මෝදක ගුලි විකිණීම සහ ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් ගත් නවතම තීන්දුව මෙන්න | අත් අඩංගුවට ගැනීමය පොලිසියට කිසිදු බලයක් නොමැත

ganja madanamodaka

ගංජා මිශ්‍ර මදන මෝදක ගුලි විකුණන්නන් හෝ ළඟ තබා ගන්නන් අත් අඩංගුවට ගැනීමට හෝ නඩු පැවරීමට පොලිසියට කිසිදු බලයක් නැති බව අත්තනගල්ල අංක 2 මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කරනවා.

ඔහු මේ බව අවධාරණය කළේ, පෙරෙදා (18) විවෘත අධිකරණයේදීයි.

ආයුර්වේද පනතට අනුව කංසා ඇට හා කොළ ඇතුළු අනෙකුත් ද්‍රව්‍ය මිශ්‍රකොට මදන මෝදක නිෂ්පාදනය කරන බව පැහැදිලිව සඳහන් කර තිබෙනවා.

ඒ, අනුව කංසා හෙවත් ගංජා නොමැතිව මදන මෝදක නිෂ්පාදනය කළ නොහැකි බවත් එවැනි මදන මෝදක ළඟ තබා ගැනීම හෝ විකිණීම කරන පුදගලයන් අත් අඩංගුවට ගැනීමය පොලිසියට කිසිදු බලයක් නොමැති බවත් මහේස්ත්‍රාත්වරයා පවසනවා.

ඔහු මේ බව පෙන්වා දුන්නේ, මද මෝදක 22ක් ළඟ තබාගෙන සිටි පුද්ගලයකුට එරෙහිව පනවා තිබූ නඩුවක් විභාග කරන අතරෙයි.  

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top