කිසිදා පිළිකා නොවැළඳෙන- පරමායුෂ විඳින ‘හුන්සා‘ මිනිස්සු පිලිකා වලට එරෙහි ඔවුන්ගේ රහස්

aaa

පාකිස්ථානයේ කඳුකරබද නිම්නයක දිවි ගෙවන හුන්සා ගෝත්‍රිකයෝ කිසිදා පිළිකා රෝගයෙන් පීඩා විඳ නැත. වයස අවුරුදු 120 ක් ආයු වැළඳීම ඔවුන් අතර ඉතා සුලබ දෙයකි.

Dazzling News 1

සමහර හුන්සාවරු අවුරුදු 150 ක් වුවත් ඉතාම නිදුකින් ජිවත් වෙති. ඔවුන් ගේ හත්මුතු පරම්පරාවේ කිසිම කෙනෙකුට දන්නා කාලයක පිළිකාවක් නම් වැළඳී නැත. මේ මහා රහස කුමක්ද?

pjimage 5 1 1
පාකිස්ථානයේ හුන්සා නිම්නයේ ජීවත් වන ගැහැණු, තරුණ වියේදී ලෝකයේ සුන්දරම කාන්තාවෝ බවට පත්වෙති.
hunza tribe 5 1492600322
Girls of this Pakistani tribe are the most beautiful, live upto 120 years

මේ ලෝකයේ ශතවර්ෂයක් එසේත් නැතිනම් අවුරුදු 100 ක් ජීවත් වීම මහා ප්‍රාතිහාර්යයකි. නමුත් පරමායුෂ යනුවෙන් සාමාන්‍යයෙන් හඳුන්වන වසර 120ක් දිවිගෙවීම මේ හුන්සාවරුන්ට අතිශයින්ම සාමාන්‍ය දෙයකි. මෙහි රහස කුමක්ද?

සියවසකට වැඩියෙන් ජීවත් වන අය කියන කතා

‘සතුටෙන් නිරෝගීව දිගු කලක් ජීවත් වීම“ බොහෝ ශිෂ්ටාචාරවල සිහිනයක්. නූතන මිනිසා පවා මෙහි සැඟවුණු රහස සොයාගැනීමට නොවක් උනන්දුවක් දක්වයි. නමුත්, ශතවර්ෂයක් ඉක්මවා ජීවත් වූ අයගෙන් ඔබ මේ ගැන ඇසුවොත් ඔවුන් විවිධ කතා කියනු ඇත. ඒවා නිසා ඔබ නොසන්සුන් වීමටත්, එසේම මනස තව දුරටත් අපැහැදිලි වීමටත් ඉඩ ඇති බව ද අමතක නොකරන්න….

පහත දැක්වෙන්නේ එවැනි කතා කිහිපයකි.

ඉතාලියේ එමා මොනාරෝ (Emma Morano) අවුරුදු 116 ක් ජීවත් වූවාය. ඇගේ දිගු දිවියේ රහස කුමක්දැයි ඇසූ විට ඇය කීවේ, ‘‘මම කිසිම කෙනෙකුට යටත් වෙලා ජීවත් වෙන්න කැමති නැති කෙනෙක්. මම හැමදාම ජීවත් වුණේ ඒ ප්‍රතිපත්තිය මතයි‘‘ යනුවෙනි. වයස අවුරුදු 38 දී දික්කසාද වූ ඇය මිය යන තෙක්ම නැවත විවාහ වුණේ ද නැත. ඇය පෙළුණු එකම රෝග තත්වය වූ ඇනීමියාව (රක්ත හීනතාවය) ඈ පරාජය කර ගත්තේ දිනකට අමු බිත්තර දෙකක් බැගින් පානය කිරීම බැගින් බව ද ඇය කීවාය.

දිනකට එක බැගින් කර කළ බේකන් කැබැල්ලක් අනුභව කිරීම මගින් දිගු ආයුෂ ලැබෙන බව සමහරු කියති. ගොවිපොළ ජීවිතයකට හුරුව දීර්ඝායුෂ විඳින අය කියන්නේ තමන් ස්වභාවික ආහාර පාන ගැනීම ඒ රහස බවයි.

Tour To Hunza Valley 1594036315605

නමුත් මේ සියලු දෙනා අතර සිටින පාකිස්ථානයේ හුන්සා ජනයා ට කියන්නට තිබෙන්නේ වෙනස්ම ආරක කතාවකි.

3173123090
ඈයට දෑන් වයස අවුරුදු 60කි. දකුනු පස ඈත්තේ ඈය තරුන අවදියේ චායරුපයකි

හුන්සා ජනතාවගේ දිගු දිවියේ ලක්ෂණ

එය කරුණු වශයෙන් වෙන් කළහොත් මෙසේ ය.

  1. හුන්සා නිම්නයේ දිවි ගෙවන්නන්ගේ සාක්ෂරතාවය 95%කි. එනම් සෑම හුන්සා වැසියෙක්ම දළ වශයෙන් අඩුම ගණනේ පාසල් ගොස් අකුරු කියවීමේ හා ලිවීමේ හැකියාව ලබා ඇත.
  2. හුන්සා පළාතේ ජන වර්ග 4 ක් ජීවත් වෙති.
  3. හුන්සා ජනතාව ආගම් දෙකක් අදහති. නමුත්, 
  4. ඔවුන් අතර ඉහත කී කුමන වෙනස්කම් තිබුණත් ඔවුන්ගේ ජීවන රටාව ඉතාම සරල ය.
  5. ඔවුන් ඉතාම මිත්‍රශීලී ය. අමුත්තන්ව උණුසුම් ලෙස පිළිගැනීම සිරිතක් වශයෙන් කරති.
  6. සමහර හුන්සා වැසියෙක් අවුරුදු 150 ක් පමණ ජීවත් වෙති.
  7. හුන්සා ගැහැණු වයස 65 දී ද නිරෝගී දරු උපත් බිහි කරති. එනම් වයස 65 දී පවා ඔවුන්ට මව් පදවිය ලද හැකිය.
  8. ඔවුන් කිසිම අවස්ථාවක සකස් කළ ආහාර ( processed food) කෑමට ගන්නේ නැත.
  9. ඔවුහු ඇප්‍රිකට් පළතුර නිතර නිතර බොහෝ සේ ආහාරයට ගනිති.
  10. ඔවුහු ඉර නැග එන වේලේ සිට ඉර බැස යන තෙක් කෙත්වතුවල වෙහෙස වී වැඩ කරති.
12

ඉහත සියලු කරුණු සම්බන්ධ කළ විට හුන්සාවරුන්ගේ දිගු ජීවිතයේ රහස මෙසේ හෙළි වේ.

  1. ජීවිතයේ කිසිම කලෙක ඉගෙන ගැනීම නතර කරන්න එපා! නිරෝගී මනසක් වර්ධනය විය යුත්තේ කුඩා කාලයේ පටන්ය. සිතීම කිසිවිටෙක නතර නොකරන්න. සිතට එකඟව ජීවත් වන්න!
  2. ජීවිතයේ පවත්වාගෙන යන සබඳතා නිරෝගී නම් ඔබ විවාහක වුවත් තනිකඩ වුවත් නිරෝගී දිගු දිවියට එහි බලපෑමක් නැත! මෙහිදී ‘නිරෝගී සබඳතාවය යන්නෙන් අදහස් වන්නේ ඔබ-ඔබ සමගම පවත්වාගෙන යන සම්බන්ධතාවය ද විය හැකිය. සැඟවුණු හැඟීම්, බිය පිළිගැනීම ආත්මාවබෝධයට යතුරකි. ඔබට අවශ්‍ය දේ සහ ඔබේ සිහින නිවැරදිව හඳුනා ගන්න. එයින් ඔබේ ලෝකය තවත් පුළුල් වේවි. හැඟීම් සඟවාගෙන දිගු කල් ජීවත් වීම නිසා තෙරක් නොපෙනෙන ආගාධයකට ඔබව ඇදවැටෙන්නටත් ඉඩ තිබෙන බව අමතක කරන්න එපා.
  3. ආතතියෙන් වැළකෙන්න! ඔව්, ලෝකයේ ලොකුම නිහඬ ඝාතකයා වන්නේ ආතතියයි. ජීවන බලවේගය සිඳ දමන නූතන ම ඝාතකයා වන්නේ ද ආතතියයි. වෙහෙස වී වැඩ කිරීම පුරුද්දක් බවට නූතන සමාජය තුළ පත්ව තිබෙන නිසා ආතතිය ‘පුරුද්දකට‘ යාම සිදු වේ. නමුත් සොබාදහමට සම්බන්ධව, ආතතිය අවම ජීවිතයක් ගත කරන්නේ නම් පමණක් ඔබට දීර්ඝායුෂ ලැබේවි.
  4. කාබනික ආහාර, ස්වභාවික ආහාර හැකි තාක් පරිභෝජනය කරන්න. හැකියාවක් තිබේ නම් ඔබම ඒවා වවාගන්න. අද මෙය නිතර දෙවේලේ ඇසෙන මන්තරයක් බවට පත්ව තිබුණත් එසේ කරන අය ඉතාම අඩු බව ඔබ අප හොඳින්ම දන්නවා.හුන්සා වැසියන් කෑමට ගන්නේ තමන්ම වවන දේ පමණයි. ඔවුන් ‘පිළිකාව‘ යන වචනය පවා දන්නේ නැහැ. ඔවුන් ඔබ අප හැම කෙනෙකුටම වඩා ජීවිතය කුමක්දැයි දැනගෙන එය රසවිඳ මිය යනවා. තමන්ගේ මුනුපුරන්ගේ දරුවන් පවා කෙළිදෙළෙන් සෙල්ලම් කරන ආකාරය ඔවුන් ජීවිත කාලය තුළදී දකිනවා. එනිසා මීළඟ වතාවේ ක්ෂණික කෑම හෝ කෙටි කෑම ගැන සිතක් පහළ වන විට හුන්සා වැසියන් සිතෙන් මවා ගන්න.
  5. කායික ක්‍රියාකාරකම්වලින් පළා යන්න එපා. කොයි තරම් අසීරු වුණත් ඒවායේ යෙදෙන්න.හුන්සා වැසියන් දිවා කාලයම ගත කරන්නේ කෙත් වතුවල බර වැඩ සමගයි!
7b8550d6626e0c9b0069a42b4f98355d
cb5acf8a902ac394396fccea626f2558
BaltitFortBaltiFortHunzavalleyGilgitBaltistanPakistan472016
Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top