“…පුංචි නයිටි කෑල්ලක් ඇඳගෙන ගලහා මුළු ටවුන් එකේම දුවන්න සිද්ධ වුණා… මට කිසිම ලැජ්ජාවක් තිබුණෙ නැහැ…” ප්‍රවීණ නිළි සේමිණි ඉද්දමල්ගොඩ… (PHOTOS)

Semini D Iddamalgoda

 රංගන ශිල්පිනියක් විදිහට අතිශය ජනප්‍රිය කතාබහට ලක්වන චරිතයක් තමයි සේමිණි ඉද්දමල්ගොඩ කියන්නෙ. සේමිණි ඉදහිට පුංචි තිරයට ගොඩ වෙනවා වුණත් ඇය නිරූපණය කරන චරිත නම් ප්‍රේක්ෂකයින්ට එසේ මෙසේ අමතක වන චරිත නෙවෙයි. පසුගිය දවසක යූටියුබ් නාලිකාවක් හා සම්මුඛ වෙමින් ඇය කියූ කතාවකි මේ..

“මගෙ පාසල් කාලේ සිද්‍ධියක් මම කියන්නම්. මම මියුසස් ගියේ. පාසල් කාලෙදිත් අසාධාරණයක් ලක් වෙච්ච ඕනම කෙනෙක්ට පිහිට වෙනවා මම. මගෙ යාලුවෙක් හිටියා. මම නම් ගම් කියන් නෑ. මගෙ යාලුවෝ එයාව කොන් කරන්න ගත්තා. මට හරි දුකයි මේක මට කළොත් කියලා. මම ඇහුවම රීසන් එකක් කිව්වා. මම එයාට තනියම කතා කරලා එයාගේ රුටීන් එක ඇහුවා…” 

“එයා එයාගේ කතාව කිව්වා. මට තේරුණා එයාට මිස් වෙලා තියෙන දේ. පස්සෙ මම මං ගැන කිව්වා. එයා ඒ දේවල් පස්සෙ හදාගත්තා. මගේ ජීවිතේ වීරයා ධම්මික. එයාව හම්බුණේ අවුරුදු 14 දී. යාලුවෙක් සැමියෙක් පෙම්වතෙක් ඒ චරිත සියල්ල එයා රඟපානවා. එයාගෙන් මට ලැබෙන දේ කියන්න වචන නෑ. ප්‍රශ්න අපි අතර තිබිලා තියනවා. නමුත් ඒ හැමදේම බැලන්ස් කරලා අරන් යනවා. අදටත් තේ එක හදලා නිවලා පොවන්නෙ ධම්මික. පස්සෙ දූටත් කිරි එක දීලා තමයි එයා කෑමට පහළට එන්නෙ. හරිම සුන්දරයි, විහිලු තහලු කරනවා. එයා ගෙදරට ආවම පොලිස් නිලධාරියෙක් කියලා කාටත් හිතෙන් නෑ. දුව පිටරට යනවා ට එයා කැමති වුණේ නෑ…”

“සිරිගේ ගෙදර සුළං කපොල්ලක් මැද්දෙ තිබුණේ. එතකොට කොහොමද සීතල.නිෂ්පාදන කණ්ඩායමේ සියලුම දෙනා ජැකට් දාලා කන් වහගෙන ඉන්න කොට මගේ ඇත්තටම ඇඳුම් ඇත්තෙම නැහැ වගේ.පුදුමාකාර සීතලක් තිබුණේ අපේ අපි කොච්චර සීතලක් මැද්දේද රූගත කළේ කියලා හිතාගන්නවත් බැහැ. ඒ වගේම තමයි සුද්දිට පුංචි නයිටි කෑල්ලක් ඇඳගෙන ගලහා මුළු ටවුන් එකේම දුවන්න සිද්ධ වුණා.මට කිසිම ලැජ්ජාවක් තිබුණෙ නැහැ.නගරෙදිවත් කිසිම කෙනෙක් වැරදි ඇහැකින් අපි දිහා බලන්න වැරදි දෙයක් කියන්න ආවෙ නෑ. බොහොම ගෞරවයෙන් තමයි රසිකයෝ ඇවිත් කතා කළේ” 

 සේමිනි කියන්නේ ක්ෂේත්‍රය තුළ තමන්ට ලැබෙන හැම වැඩක්ම බදාගෙන කරන කෙනෙක් නෙමෙයි. ඇයට හොඳයි කියලා හිතෙන නිර්මාණවලට විතරයි ඇය සම්බන්ධ වෙන්නේ.ඒ වගේම වසර අටකට විතර පස්සෙ නැවත වතාවක් මෙවැනි නිර්මාණයක් එක්ක සම්බන්ධ වෙන්න ලැබුණ එක පිළිබඳව ඇය ගොඩක් සතුටින් ඉන්නේ.ඒ වගේම ප්‍රේක්ෂකයනුත් ඇයට ඒ සඳහා සුභ පැතුම් එකතු කරලා තිබුණා.

302333631 649931613155728 7415650430075838210 n
299183388 117161314425720 1561819653887456083 n 1
333582010 437020548604238 8800654109512057088 n 1
342341789 776410100765666 3925467143210488426 n 1
342567635 920738809048212 8282925662651938643 n 1
18209276 1686509608311957 7331055462186798917 o 1
23 64440aa860c63
126538774 1843116785845542 3439119143278886499 n
269625294 2162079333949284 4763408104573407793 n
292732168 2313725608784655 1651198667772478561 n
298443549 114816004660251 8269035343248639977 n
Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top