මවගේ අනියම් පෙම්වතා තුනහමාරේ දරුවා මරා දිවිනසාගෙන

මවගේ අනියම් පෙම්වතා තුනහමාරේ දරුවා මරා දිවිනසාගෙන

වයස අවුරුදු තුනහමාරක පිරිමි දරුවෙකුට නිදි යහනේදී පහරදී ගෙල මිරිකා ඝාතනය කළ සැකකරුවෙකු ගෙලවැලලාගෙන මියයාමේ සිදුවීමක් මතුගම, මීගහතැන්න ප්‍රදේශයෙන් වාර්තාවී තිබේ.
පියා සිය දරු පවුල අතැර මීට මාස ගණනාවකට පෙර වෙනත් ජීවිතයකට යොමුවූ පසුව මව සහ දරු දෙදෙනෙකු ජීවත්වූ නිවසේ මව අනියම් ඇසුරක් පවත්වමින් සිටි පෙම්වතෙකු නිවසට ගෙන්වා ගෙන නවතාගෙන සිටි අතර 22 හැවිරිදි ඔහු මීට මාස 5 ක පමණ සිට නිවසේ නතරවී සිටි බව හෙළිව ඇත.

පෙරෙදා (12) උදෑසන සිය 10 හැවිරිදි වැඩිමල් දරුවා පාසලට ඇරලවා නිවසට පැමිණෙන අතරතුර නිවසේ තනිව සිටි වයස තුනහමාරේ දරුවා මරාදමා අනියම් සැමියා ගෙළ වැළලාගෙන මියයාම වාර්තාවී ඇත. වයස තුනහමාරේ දරුවාගේ ගෙළ මිරිකා ඝාතනය සිදු කර ඇති බව හඳුනාගන්නට ලැබ තිබේ.

වයස අවුරුදු තුනයි මාස හයක් වයසැති එම්.නෙතුම් සස්සර නමැති පිරිමි දරුවෙකු සහ හලෝවිට හේවගේ සචිත්ත නමැති 22 හැවිරිදි පුද්ගලයෙකු මෙසේ මියගොස් ඇතිබව පොලිසිය කීය.

මෙම ඝාතනය කවර හේතුවක් නිසා සිදුව ඇතිදැයි තවම අනාවරණය නොවේ.
දරුවාගේ මළසිරුර මීගහතැන්න ප්‍රාදේශීය රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කළුතර ශික්ෂණ රෝහල වෙත යොමුකිරීමට නියමිතය.
මහෙස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමට නියමිතව තිබුණි.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top