බින් ලාඩන්ට අයත්ව තිබූ ඇමරිකානු සුපිරි මන්දිරයක තොරතුරු පිටවේ

osama

කලක් 9/11 ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ලොවට අවශ්‍යම පුද්ගලයා ලෙස සැලකුනඅල්කයිඩා නායක ඔසාමා බින් ලාඩන්ට අයත්ව තිබූ බවට සැලකෙන ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ සුඛෝපභෝගී මන්දිරයක් පිළිබඳ තොරතුරු එරට මාධ්‍ය වාර්තා කර තිබේ.
‘අතහැර දමන ලද අද්භූත මන්දිරය‘ ක් ලෙස නම් කර තිබෙන මෙම මන්දිරය එක්සත් ජනපදයේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ ඕක්ලන්ඩ් හි ජෝන්ස් ලේක්හි පිහිටා ඇති අතර සුප්‍රකට ඩිස්නිලන්ත විනෝද උයන ආසන්නයේ අතිශය මිල අධික බිම් කඩක එය පිහිටා තිබේ. බිල් ලාඩන් කලක් මෙහි පනදිංචිව සිට ඇතිබවට තොරතුරු හෙළිවන අතර වටිනාකම ඩොලර් මිලියන 7.5 ක් පමණ වෙතැයි ගණන් බලා තිබේ.

අර්බන් එක්ස්පොලෝරර් ඔස්සේ ලෝකයේ වඩාත්ම කුප්‍රකට ත්‍රස්තවාදියාට අයත්ව තිබූ  අත්හරින ලද පුදුමාකාර මන්දිරය ලෙස දක්වමින් එහි ඇතුළත දර්ශන සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබුණි.

මෙය නිදන කාමර පහකින්, නානකාමර හතකින් සහ පුළුල් වතුයායකින්ද සමන්විත තිබෙන අතර මෙම දේපල 1928 දී පමණ ඉදිකරන්නට යෙදුණ පැරණි මැදුරක් බව පැවසේ.
වසර ගණනාවක් පුරා එහි හිමිකරුවන් කිහිප දෙනෙකු වාසය කර තිබෙන අතර සුප්‍රසිද්ධම හිමිකරු වශයෙන් සැළකෙනේ බින්-ලාඩන් ය  ඔහුගේ සොයුරු ඛලීල් බින් ලාඩන්ද මෙහි වාසය කර ඇත. බින් ලාඩන්ට ඥාතීත්වය දක්වන සහෝදර සහෝදරියන් 50 කට වඩා සිට බවද සඳහන් විය.
1980 දී බින් ලාඩන්ගේ සහෝදරයා වන ඛලීල් බින් ලාඩන් ඔහුගේ ඩෙසර්ට් බෙයාර් සමාගම හරහා ඩොලර් මිලියන 1.6 කට මෙම මන්දිරය ඔහුගේ බිරිඳ වෙනුවෙන් මිලදී ගත් බව වාර්තා කර තිබෙන අතර බින් ලාඩන් තම සොහොයුරා සහ ඔහුගේ දරුවන් බැලීමට ගිය බවද වාර්තාවේ.

යූ ටියුබ් ක්‍රියාකරුවකු වන ස්ටීව් රොනින් විසින් මෙහි වීඩියෝ ගත කීරීම් ගවේශණාත්මක අයුරින් සිදුකර කිරිගරුඬ නාන තටාකය, ආරුක්කු දොරටු, ටයිල් කළ බිම් සහ පිටත පිහිනුම් තටාකය පෙන්නුම් කර තිබේ.

අල්කයිඩා නායක බින් ලාඩන් පකිස්තානයේ ඇබොටෝබාද්හි පිහිටි පරිශ්‍රයකදී ලුහුබැඳ ගොස් සිදු කරන ලද මෙහෙයුමකදී 2011 මැයි 2 වැනිදා එක්සත් ජනපද විශේෂ කාර්‍ය්ය බලකායේ වැටලීමක් අතරතුර මරණයට පත් විය. ඊට පෙර 2006 වසරේදී අලීම් හුසේන්ට මෙම දේපළ විකිණීමට සිදු වී තිබෙන බවත් වාර්තා විය.
අනතුරුව ඔහු  ඩොලර් මිලියන 9ක (පවුම් මිලියන 7ක) දේපල වංචාවක් සම්බන්ධයෙන් වරදකරු වී ඇති බවද සඳහන් වනවා.  මෙමගින් නිවස අබලන් තත්ත්වයට පත්ව තිබෙන අතර ගොඩකර තිබූ අශ්ව ගාල සහ වෙන්වූ ගරාජ හතරක්ද අබලන් තත්ත්වයකට ඇද වැටී තිබෙයි.

ජෝන්ස් ලේක් ඉන්වෙස්මන්ට් ගෲප් සමාගම විසින් මෙම දේපල පසුව මිලදී ගෙන පඑය සංවර්ධනය කර වෙනත් අයට විකුණන්නට දමා තිබේ.

3400gossiplanka down

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top