15 සිසුවා අපයෝජනයට තැත්කළ අනුරුද්ධිකා මිස් ලක්ෂ 10 ක ඇප මත නිදහස්

15 සිසුවා අපයෝජනයට තැත්කළ අනුරුද්ධිකා මිස් ලක්ෂ 10 ක ඇප මත නිදහස්

පසුගිය දිනවල කථාබහට ලක්වූ පහළොස් හැවිරිදි සිසුවකු සිප වැළඳගෙන ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත් කර සිටි ගුරුවරිය රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙස

හොරණ අධිකරණයේ මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා පසුගිය 9 වනදා නියෝග කළේය. සාක්කිකරුවන්ට බලපෑම් නොකරන ලෙසද ඇයට නියෝග කළේය.
මෙලෙස ඇප මත මුදාහරින ලද්දේ හොරණ අධ්‍යාපන කලාප කාර්යාලයට අනුයුක්ත පාසලක 10 වන වසර පන්ති භාර ගුරුවරිය මෙන්ම ඉතිහාසය උගන්වන ගුරුවරිය ලෙස කටයුතු කළ හොරණ ප්‍රදේශයේ පදිංචි අනුරුද්ධිකා නමැති 42 හැවිරිදි තිදරු මවකි.

සැකකාර ගුරුවරිය අතවරයට පත් සිසුවාගේ පන්ති භාර ගුරුවරිය ලෙස කටයුතු කර ඇත.
අතවරයට පත් සිසුවාගේ මව හා පියා විදේශගතව සිටින අතර පහළොස් හැවිරිදි සිසුවා මවගේ සොහොයුරියගේ (පුංචි අම්මාගේ) නිවෙසේ සිට අධ්‍යාපන කටයුතුවල නියැලී ඇත.
ඉකුත් මස 5 වැනි දින පුංචි අම්මා නිවසින් බැහැරව ගිය අවස්ථාවේදී සැකකාර ගුරුවරිය සිසුවා සොයා එම නිවෙසට ගොස් තිබූ අතර පුංචි අම්මා යළි නිවසට එන අවස්ථාවේදී සැකකාර ගුරුවරිය නිවසේ සාලයේ සැටිය මත වාඩි වී සිසුවා වැළඳගෙන මුහුණ සිප ගනිමින් සිට ඇති අතර එය ඇය විසින් නොදැක්කා සේ නිවස තුළට ගොස් මද වේලාවකදී විදේශගතව සිටින සිසුවාගේ මවට ඒ බව (සොහොයුරියට) දැනුම් දී ඇතැයි පොලිස් විමර්ශන වලදී අනාවරණය වී තිබිණි.
ඊට අමතරව සිසුවාගේ පුංචි අම්මා විදේශගතව සිටින
සොහොයුරියගේ දැනුම්දීම මත සිසුවා පරිහරණය කරන ලද ජංගම දුරකතනය පරීක්ෂා කිරීමේදී ලිංගික ආශාවන් ඇති වන ආකාරයේ ආදර වදන් කෙටි පණිවිඩ මගින් ගුරුවරිය විසින් සිසුවාගේ ජංගම දුරකතනය වෙත යොමු කර තිබූ බවට විමර්ශන වලදී වැඩිදුරටත් අනාවරණ වී තිබිණි.
ඒ බව සිසුවාගේ මවට දැනුම් දීමත් සමගම ඇය විදේශ රටේ සිට මෙරටට දින කිහිපයක් තුළදී පැමිණ හොරණ අධ්‍යාපන කලාපයට මෙන්ම මොරගහහේන පොලිසියට පැමිණිලි කිරීමට කටයුතු කර තිබිණි.
එහි ප්‍රතිඵලයක් ලෙස අධ්‍යාපන බලධාරින් විසින් සැකකාර ගුරුවරිය ඉංගිරිය ප්‍රදේශයේ පාසලකට මාරු කර යවා තිබූ අතර ලැබුණු පැමිණිල්ල අනුව ගුරුවරිය පොලිසියට කැඳවා ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුව ඉකුත් පළමුවැනි දින අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර 9 දක්වා රිමාන්ඩ් භාරයට පත්කරනු ලැබ සිටියාය.

බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top