හික්කඩුවට පෙම් බඳින ලොව සුපිරි නළුවා – Ryan Reynolds (Video)

ryan reynolds

තමාගේ රංගන ජිවිතයේ ප්‍රියතම චිත්‍රපට දර්ශන තලය ශ්‍රී ලංකාවේ හික්කඩුව බව සුපිරි හොලිවුඩ් නළු රයන් රෙනොල්ඩ්ස් ප්‍රකාශ කර ඇත.

ජස්ට් ෆෝ ලාෆ් වැඩසටහනට පසුගිය සෙනසුරාදා සහභාගී වෙමින් එහිදී නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රයන් රෙනොල්ඩ්ස් මහතා මේ බව පවසා තිබේ.

මෙම වීඩියෝව අකීල් සිරාජ් නම් පුද්ගලයකු ඔහුගේ සමාජ මාධ්‍ය ගිණුමට උඩුගත කර තිබේ.

රයන් රෙනොල්ඩ්ස් මහතාගේ ප්‍රථම චිත්‍රපටය වන ඕඩිනරි මැජික් චිත්‍රපටය 1993 වර්ෂයේදී ශ්‍රී ලංකාවේදී රූගත කර ඇත.ඔහු අවුරුදු 30ක මතකය මෙලෙස අලුත් කර ඇත.

තමාගේ පළමු චිත්‍රපටය ශ්‍රී ලංකාවේ රූගත කළ බවත් අවේණික ලක්ෂණ වලින් යුත් ශ්‍රී ලංකාව තම මනස නව මානයන්ට පුළුල් කළ බවත් රයන් රෙනොල්ඩ්ස් පවසා තිබේ.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top