නිළි ටනාෂා සතරසිංහ හා ඇගේ මිත්තණිය  සම්බන්ධවූ දේපළ නඩුවකට කරුණු වැරැද්දුවැයි ටනාෂා සතරසිංහගෙන් පත්තරවලට මිලියන 300ක් ඉල්ලා නඩු (Photos)

tanasha hatharasinghe

ටෙලි නාට්‍ය නිළි ටනාෂා සතරසිංහ හා ඇගේ මිත්තණිය  සම්බන්ධවූ දේපළ නඩුවකට අදාළ අධිකරණ වාර්තාවක් පසුගිය දිනවල පුවත්පත් මගින් ප්‍රචාරය කර තිබූ අතර එම වාර්තාවල සඳහන් ඇතැම් කරුණු සාවද්‍ය බව දක්වමින් ඇය ඇගේ නීතීඥයින් මාර්ගයෙන් අදාළ ප්‍රවෘත්ති පත්‍ර ඇගේ කීර්තිනාමයට හානි කළැයි ඒවාට එරෙහිව මිලියන 300 ක් ඉල්ලා එන්තරවාසි යවා තිබේ.
‘මිත්තණියට නොසැලකූ ටෙලි නිළියට අධිකරණයෙන් පාඩමක් – තෑගී ඔප්පුවෙන් දුන් නිවෙස යලි මිත්තණියට දෙන්න නියෝග” යනුවෙන් මව්බිම පුවත්පතේත්,
‘මිත්තණියට නොසැලකූ ටෙලි නිළි ටනාෂාට දඩුවම් – මිලියන 5 ක වන්දියක් දෙන්නත් වෙයි‘ යනුවෙන් දිනමිණ පුවත්පතේත්,
‘Ungreatful actress ordered to handover colpetty house to grandmother – ordered to pay Rs 5 Mn and Rs 30000 monthly’ යනුවෙන්  Daily News පුවත්පතේත් පළවූ ප්‍රවෘත්ති අන්තර්ගතයේ සාවද්‍ය කරුණු ඇතුළත් වූ බව ටනාෂාගේ නීතීඥ නලීන් සමරකෝන් මහතා අදාළ එන්තරවාසි මගින් පෙන්වා දී තිබේ.

කොල්ලුපිටියේ නිවසක්  ප්‍රාණ භුක්තිය ඇතිව ආච්චි විසින් නිළියට ලියා තිබුණ බවත් ආච්චිට නොසැලකීම හේතුවෙන් මෙම නඩුව මගින් යළි ආච්චිටම පවරා දීමට ප්‍රසිද්ධ ටෙලි නාට්‍ය නිළි රුචිනි ටනාෂා සතරසිංහට  කොළඹ ප්‍රධාන දිසා විනිසුරු පූර්ණිමා පරණගම මහත්මිය නියෝග කළැයි එම නඩු වාර්තාව මගින් විස්තර කර තිබුණි.

කොල්ලුපිටියේ නිවස සහිත දේපළ 2010 වසරේදී පවරා දීමට පෙර ආච්චි සමඟ කුලුපගව සිට ඇති  වගඋත්තරකාර මිනිපිරිය නිවසේ ඔප්පුව ලියාපදිංචි කිරීමෙන් පසුව ගෙදර වහල අලුත්වැඩියා කිරීමට ඇති බව පවසා මිත්තණිය ගෙදරින් පිටත් කර යැවීමෙන් අනතුරුව මේ දක්වා ඇයට සිදුවූ දෙයක් සොයා බැලීමට මිනිපිරිය කාරුණික වී නොමැති බවද  හැත්තෑ දෙහැවිරිදි ජයන්ති පෙරේරා මහත්මිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ඉරාජ් ද සිල්වා මහතා කරුණු ඉදිරිපත් කරමින් දන්වා ඇතැයි පැවසිණි.

ටනාෂා හා මිත්තණිය අතර මෙවැනි නඩු විභාගයක් පැවතීම හා තීන්දුවක් ලබාදීම අසත්‍ය වාර්තාවක් බව මින් අදහස් කර නැත.

එසේ වුවද අදාළ පුවත්පත් වාර්තා මගින් ඇයට පනවන ලද දඩ මුදල් හා ඇතැම් කරුණු සම්බන්ධ සාවද්‍ය වාර්තා දක්වා ඇති බව එන්තරවාසි මගින් පෙන්වා දී තිබේ.
ටනාෂාගේ නීතීඥ නලීන් සමරකෝන් මහතා එන්තරවාසියේ සටහන් කර ඇති පරිදි ‘රුපියල් මිලියන 5 ක වන්දියක් ගෙවන්නට සිදුවීම‘ , ‘රුපියල් තිස් දහස බැගින් දීමනාවක්  මිත්තණියට මාස්පතා ගෙවන්නට කීම‘, ‘අධිකරණය ඉදිරියේ සාක්ෂි දීමේදී ගරු සරුවක් නොමැතිව කතා කර ඇති බව‘ සාවද්‍ය කරුණු වාර්තා බව සටහන් කර තිබේ.

අධිකරණයේ ලබාදුන් තීන්දුවට අභියාචනයක් ඉදිරිපත් කරන්නට අපේක්ෂාවෙන් සිටින තම පාර්ශ්වයට මෙවැනි වාර්තා කිරීම් මගින් අවාසියක් සිදුකර ඇතැයිද පෙන්වාදී ඇත.
සේවාදායකයා වන රුචිනි ටනාෂා හතරසිංහ නොහොත් හතරසිංහ දේවගේ රුචිනි ටනාෂා මහත්මියගේ උපදෙස් මත නීතීඥවරයා එහි සටහන් කරන්නේ ඇය කීර්තිමත් නිළියක් බවත් ඇයගේ දක්ෂ රංගනය නිසා ජනතාවගේ ආදරය දිනාගත් බවත්ය. ඇයගේ ජීවනෝපාය සෘජුවම රඳා පවතින්නේ සාමාන්‍ය ජනතාව ඇය කෙරෙහි දක්වන ආදරය හා සෙනෙහස නිසා ඇය වෙත ලබා දෙන සහයෝගය මත බැවින්එ ම සන්දර්භය තුළ, එම ලිපි ද්වේෂ සහගත පෙර සිතුවිල්ලකින් ප්‍රකාශයට පත් කර ඇති බවත් සේවාදායකයාගේ ප්‍රතිරූපයට හා කීර්ති නාමයට කැළලක්, ඇයව අපකීර්තියට පත් කිරීමට හේතුවක් බවත් සාමාන්‍ය ජනතාව රැවටීමට පදනම් විරහිත කරුණු මත පදනම් වූ බවත් ඇයගේ මානසික, චිත්තවේගීය හා ශාරීරික පීඩාවන් ඇති කර ඇති බවත් පෙන්වාදී ඇත.
මේ හේතුවෙන්  සේවාදායකයාට සිදු වූ අලාභය සහ අලාභ සඳහා ඒකාබද්ධව සහ තනිව රුපියල් මිලියන සියයක (රු. 100,000,000/-) මුදලක් බැගින් මව්බිම, දිනමිණ හා ඩේලි නිවුස් පුවත්පත් මගින් වෙන වෙනම ඉල්ලා ඇති අතර එම එකතුව රුපියල් මිලියන 300 කි.

248356753 474108554085004 9030195130015835483 n
310999487 718469036315620 8949631155106178356 n
270189131 500109888151537 5364616083873853414 n
287432556 618097006352824 460532527401644343 n
292684643 637992421029949 8194025087789431828 n
295072764 651393599689831 7930385814106962595 n
308060910 698642554964935 1254022319465907857 n
309453391 705135544315636 7961178533981593742 n
310445234 712736556888868 5038774686797055645 n
311003565 718466339649223 4056192273650215534 n
310951370 718466442982546 1585535401384505669 n
318302847 757487332413790 6825218777909499293 n
319689720 5162880993815243 2973316121270709347 n
326095337 505418775037456 2198256183065015248 n
329604801 5625128517613510 8693471203247347725 n
Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top