මෙම වසරේ පැවැත්වෙන සියලු ජාතික විභාග කල්යාමේ අවදානමක්

vibaga yal yavi

මෙම වසරේ පැවැත්වීමට නියමිත ජාතික මටටමේ පාසල් විභාග කල් යෑමේ අවධානමක් මතුව තිබෙනවා. ඒ, මේවනවිට පැවැත්වෙන පසුගිය වසරට අදාළ උසස් පෙළ විභාගයේ ලකුණු ලබා දීමේ ක්‍රියාවලිය පිළිබඳ සාකච්ඡා කිරීම විශ්ව විද්‍යාල මහාචාර්ය හා ආචාර්යවරුවන් වර්ජනය කිරීම හේතුවෙන්.

මෙවර එම කටයුතුවලට සිය සාමාජිකයන් එක් නොවන බව විශ්ව විද්‍යාල ආචාර්යවරුන් විසින් විභාග දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබෙනවා. ඔවුන් එලෙස එම කටයුතු වලින් ඉවත් වීමට තීරණය කර ඇත්තේ රජයේ නව බදු සංශෝධනයන්ට එරෙහිවයි. එය රජය විසින් ඉවත් කර ගන්නා තෙක් තමන් විභාග රාජකාරි සඳහා යොමු නොවන බවයි ඔවුන් දන්වා ඇත්තේ. 

2022 උසස් පෙළ විභාගය ලබන 17වනදායින් අවසන් වනවා. එහි පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු ලබන 22වනදා සිට ආරම්භ කිරීමටයි විභාග දෙපාර්තමේන්තුව මීට පෙර සැලසුම් කර තිබුණේ. එම ප්‍රශ්නපත්‍ර සකස් කළ විශ්ව විද්‍යාල මහාචාර්ය හා ආචාර්යවරුන් ඉදිරි දිනවල රැස් වී අදාළ පිළිතුරු පත්‍ර සඳහා ලකුණු ලබා දීමේ ක්‍රියාවලිය පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිතව තිබුණා.

එහෙත් ඔවුන් ඊට සම්බන්ධ නොවීම හේතුවෙන් නියමිත දිනට උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු සිදු කිරීමට නොහැකි වන බවයි විභාග දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු Ceylebrity නිවුස් කළ විමසීමකදී පැවසුවේ. 

එමෙන්ම, උසස් පෙළ විභාගයේ විෂයන් 13කට අදාළ ප්‍රායෝගික පරීක්ෂණද ඉදිරි දිනවලදී පැවැත්වීමට සැලසුම් කර තිබුණා. ලකුණු ලබා දිමේ ක්‍රියාවලිය අවසන් වන තෙක් එම කටයුතු ද කල් දැමීමටයි සිදුව ඇත්තේ. ඒ අනුව උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ලබා දීමද ප්‍රමාද වනවා.

එලෙස උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු කල් යාම හේතුවෙන් ඉදිරියේදී පැවැත්වීමට නියමිත අනෙකුත් ජාතික විභාගද කල් දැමීමට සිදුවන බවයි විභාග දෙපාර්තමේන්තුවේ එම නිලධාරියා පැවසුවේ. 

2022 සාමාන්‍ය පෙළ විභාගය ලබන මැයි මස 15 වන දා සිට 24වනදා දක්වා පැවැත්වීමටයි තීරණය වී තිබුණේ. එමෙන්ම, මෙම වසරට අදාළ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඔක්තොම්බර් මස 15වනදා පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබුණා. ලබන ඔක්තොම්බර් මස 16වනදා සිට මෙම වසරට අදාළ උසස් පෙළ විභාගයද පැවැත්වීමට සැලසුම් කර තිබූ බවයි විභාග දෙපාර්තමේන්තුවේ එම උසස් නිලධාරියා වැඩිදුරටත් පැවසුවේ.  

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top