කාමරයට අඬගැසූ අධ්‍යක්ෂවරයෙකු ගැන විද්‍යා බාලන්ගෙන් හෙළිදරව්වක්…

vidya balan talk

ප්‍රකට ඉන්දීය සිනමා නිළි විද්‍යා බාලන් තමන්ට අධ්‍යක්ෂවරයෙකුගෙන් සිදුවූ අයුතු යෝජනාවක් සම්බන්ධ විස්තර මාධ්‍ය සමග පවසා තිබේ.

 සම්මුඛ සාකච්ඡා වලදී ප්‍රශ්න ගැන නිතරම විවෘතව කතා කරන නිලියක ලෙස ප්‍රකට විද්‍යා බාලන් වරක් අධ්‍යක්ෂකවරයෙකු සමඟ අපහසුතාවයට පත් වූ ආකාරය Humans Of Bombay වැඩසටහන සමග සිය නවතම සම්මුඛ සාකච්ඡාවේදී සිහිපත් කළාය.
තමන් කිසිදාක රඟපෑමේදී ලිංගික අල්ලස් (casting couch) ලබාදීමට උත්සාහයක් දැරූ අයෙකු නොවන බව කියා සිටියාය.
එබැවින් තමා සැමවිටම “ඉතා වාසනාවන්ත” වූ බව විද්‍යා බාලන් හෙළි කළාය.
 නමුත් වරක් අධ්‍යක්ෂකවරයෙකු රඟපෑමක් ගැන කථාකරන්නට මුණගැසෙන විට ඔහුගේ හෝටල් කාමරයට ගොස් ඉතිරි ටික කථා කරමු යයි “අවධාරණය” කළ බව ඇය කියා සිටියාය. කෙසේ වෙතත්, නිළිය එය ප්‍රතික්ෂේප නොකළ නමුත් “බුද්ධිමත් දෙයක් කළ” බවත් ඇය හෝටල් කාමරයේ දොර විවෘතව තබාගෙනම කථාබහ සිදු කළබව කියා සිටියාය. “ඔහුට ඇති එකම මාර්ගය පිටතට යන බව” අධ්‍යක්ෂවරයා දැන සිටි බවද ඇය කියා සිටියාය.
විද්‍යා බාලන් සම්මුඛ සාකච්ඡාවේදී පැවසුවේ, “ඇත්ත වශයෙන්ම මම ලිංගික අල්ලස් අත්හදා බැලීමක්වත් කර නැහැ. මම ගොඩක් වාසනාවන්තයි, මොකද මම ත්‍රාසජනක කතා අහලා තියෙනවා, ඒක තමයි මගේ අම්මලා තාත්තලාගේ ලොකුම බය,
මොකද ඔවුන් මට චිත්‍රපටවලට සම්බන්ධ වීමට විරුද්ධ වූයෙත් ඒ නිසා. නමුත් මට සිදු වූ එක් සිදුවීමක්… මට මතකයි, මම කරන්න අත්සන් කරලා තිබුණු මගේ චිත්‍රපටයක, මම  චිත්‍රපට රූගත කිරීමක් සඳහා චෙන්නායි බලා යන නිසා මම අධ්‍යක්ෂකවරයාව අතරමගදි මුණගැසුණා. අපි කෝපි කඩේකදී මුණගැසුණා නමුත් ඔහු “අපි මගේ කාමරයට ගොස් ඉතිරි ටික කතා කරමු” යැයි දිගින් දිගටම අවධාරනය කළා.
“මට තේරුණේ නැහැ, මොකද මම තනියම හිටියේ” විද්‍යා බාලන් කියා සිටි අතර, “ඒත් මම ඉතා බුද්ධිමත් දෙයක් කළා. අපි කාමරේට ගියාම මම දොර ඇරලා තිබ්බා. එවිට ඔහු දැන සිටියේ තමාට ඇති එකම මාර්ගය පිටතට යාම බව. ඉතින්, මම ඇත්තටම විශ්වාස කරන්නේ නැහැ මම ලිංගික අල්ලසක් දුන්නාය හො එවැනි අත්දැකීමක් ලබලා තියෙනවා කියලා. කිසිම යෝජනාවක් කළේ නැහැ, කිසිම යෝජනාවක් ආවෙත් නැහැ. නමුත් මෙය මා ලබා ගත් හැඟීමක්, කම්පනයක්. ඒ වගේම මම ඒකට ප්‍රතිචාර දැක්වූවා. ආත්මාරක්ෂාවට වැඩ කළා ඒකට කියන්නේ ස්ත්‍රියකගේ සහජ බුද්ධිය…නමුත් කියන්න කණගාටුයි ඉන්පසු මම එම චිත්‍රපටයෙන් ඉවතට විසිවුණා“

විද්‍යා බාලන්  කාන්තාව මූලික කරගත් චිත්‍රපටවල භූමිකාවන් නිසා ප්‍රකටය. ඇය  ජාතික චිත්‍රපට සම්මානයක් සහ ෆිල්ම් ෆෙයාර් සම්මාන හයක් ඇතුළු සිනමා සම්මානද 2014 දී ඉන්දීය රජය විසින් පද්ම ශ්‍රී සම්මානයෙන්ද පිදුම් ලැබුවාය. විද්‍යා විවාහ වී සිටින්නේ චිත්‍රපට නිෂ්පාදක සිද්ධාර්ත් රෝයි කපූර් සමඟයි.

Vidya Balan opens up about how she feels when her films dont create the desired impact 1
1672987634 cms vidya
Vidya Balan in a black muhurth saree for a wedding4
Vidya at GQ
vidya balan 1200 1
vidya balan views on feminisnmain
Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top