අපිට ඕන නං ෂැංග්‍රිලා ගිහින් කනවා. ඔය මඩ වලට අපි සද්දෙට හිනාවෙනවා – වසන්ත මුදලිගේ…

wasantha mudalige talk

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ අද දින මාධ්‍ය කැමරා කණ්ඩායමක් ඉදිරියේ අදහස් දැක්වීමක් අතරතුර එක් කැමරාකරුවෙකු අසා සිටියේ පසුගිය දිනවල වසන්ත මුදලි​ගේ ෂැංග්‍රිලා හෝටලයේ කෑමකට ගොස් සිටි ඡායාරූපයක්සමාජ මාධ්‍ය තුළ හුවමාරු වූ බවත් ඒ ගැන කියන්නේ කවරක්ද යන්නයි.
“අපට විවිධ මඩ ගහනවා ඇඟිල්ල දික් කරන අයට අප කරන්නෙ, සද්දෙට හිනා වෙන එක තමයි. දැං ඒක බොරු ප්‍රචාර ගොඩක් කරල අපට ඇඟිල්ල දික්කරන අයගෙන් අහන්ඩ ඕන දැන් මේ ආණ්ඩුවට විරුද්ධව වැඩ කරන අයට අවලාද නඟනවා වෙනුවට ආණ්ඩුවේ අයට රටේ මිනිසුන්ගේ ප්‍රශ්න විසඳන්න ඕන කමක් නැද්ද කියලා.
රටේ ප්‍රශ්න කතා කරන අයගේ ප්‍රශ්නෙ ගැන නැතිව ඒ අයට අවලාද නගන එක තමයි වෙලා තියෙන්නෙ.
පොටෝ එකක් පෙන්නුව කියලා මඩ වදින්නෙත් නැහැ.
ෂැංග්‍රිලා එකට අපි ගිහිනුත් නැතිව ඒකෙ නම දාලා පොටෝ ප්‍රසිද්ධ කරන අය අපේ අභියෝග පිළිගන්නේ නැතිව වෙන දේවල් කරන බව තමා පේන්නේ.”

ඇත්තටම ඔබ එහි ගියාද?
‘අපි යන්නැතිව ගහපු මඩක් ඕක. එහෙම අවශ්‍යතාවක් තියනව නං ෂැංග්‍රිලා නෙමෙයි ඕන තැනකට යන්න මට පුලුවන් ඒකෙ වරදකුත් නැහැ.ඒක මගේ පුද්ගලිකත්වය”

yjtetyhj
336536258 593659259462535 102693851060059840 n
336898377 3437140406523006 1306899527474429037 n
336981176 923916915301158 5637028764650600263 n
337255212 931015278238829 7774037935313004718 n
Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top