කොවිඩ් -19 ගෝලීය හදිසි සෞඛ්‍ය අවදානම තවදුරටත්/ ඊයේ (31) ට වසර 3ක් සැපිරුණි

1675218713 covid L

මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධාන ප්‍රධානියා පවසන්නේ කොවිඩ් වසංගතය සංක්‍රාන්ති සමයකට පැමිණ ඇති නමුත් තවමත් එහි අවදානම පහව ගොස් නොමැති බවය.

කොවිඩ් -19 ගෝලීය හදිසි සෞඛ්‍ය තත්ත්වය තවදුරටත් බලපැවැත්වෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කර තිබේ.

මේ අනුව උපරිම සෞඛ්‍ය අවදානම් අනතුරු ඇඟවීම් තවදුරටත් පවත්වාගත යුතු බව එම සංවිධානය වැඩිදුරටත් දන්වා තිබුණි.

ගෝලීය වසංගතය මේ වනවිට සංක්‍රාන්ති සමයකට එළඹ ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධාන නිවේදනයේ වැඩිදුරටත් දැක්වුණි.

කෙසේ නමුත් ඉන් තවදුරටත් ඇතිවිය හැකි බලපෑම සීමාකිරීම සඳහා වසංගතය වඩාත් සැලකිල්ලෙන් කළමනාකරණය කරගත යුතු බවත් ඔවුන් එහිදී වැඩිදුරටත් අවධාරණය කර තිබුණි.

මේ වනවිට ලොව වට මිනිස් ජීවිත මිලියන 6.8ක් කොවිඩ් වෛරසයේ ගොඳුරු බවට පත්ව අවසන්ය.

ලෝකයේ සෑම රටකින්ම කොවිඩ් රෝගීන් වාර්තාවී ඇති අතර ඉන් ලෝක ආර්ථිකයට කළ බලපෑම ගණනය කළ නොහැකි තරම් ය.

එමෙන්ම ගතවූ දෙසැම්බර් මාසයේ සිට ලෝකය පුරා වාර්තාවන කොවිඩ් මරණ ගණන කැපී පෙනෙන ලෙස ඉහළ යමින් පවතී.

ඒ අනුව ගෙවුණු සති 8ක කාලය තුළ ලොව වටා සිදුව ඇති කොවිඩ් මරණ ගණන 170,000ක් බව ලෝක සෞඛ්‍ය සංවිධාන ප්‍රධානී ටෙඩ්රෝස් ඇඩිනම් ගේබ්‍රියාසිස් වැඩිදුරටත් පවසා තිබුණි.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top