ධනුෂ්ක ගුණතිලක ට ඇප

ධනුෂ්ක ගුණතිලක ට ඇප

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ට සිඩ්නි අධිකරණයක් මගින් ඇප ලබාදී තිබේ.

අධිකරණයට ගුණතිලකගේ නීතිඥයින් දන්වා ඇත්තේ සැකකරු ට සහාය වීමට ශ්‍රී ලංකා රජය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරිපත් වී ඇති බවය.

ඒ අනුව ඩොලර් 150,000ක පුද්ගලික ඇපයක් මත ධනුෂ්ක ව ඇපමත නිදහස් කිරීමට අධිකරණය නියෝගකර තිබේ. නමුත් ඔහුට ඔස්ට්‍රේලියාවෙන් පිටවීම තහනම්.

31 හැවිරිදි ධනුෂ්ක ව පසුගිය 06 වනදා සිඩ්නි පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගැනුණි.

ඒ 29-හැවිරිදි තරුණියක් කළ පැමිණිල්ලකට අනුවය.

එහිදී අය සඳහන් කර තිබුණේ ධනුෂ්ක විසින් තමාව “තම කැමැත්ත නොමැතිව” සිව් වතාවක් ලිංගික අපයෝජනයට ලක්කළ බවය.

එම සිදුවීම සිදුකර තිබුණේ නොවැම්බර් 02 වනදා, එම තරුණියගේ නිවසේදී බව අධිකරණයේදී හෙළිවිය. 

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top