චීනයේ විරෝධතාකරුවන් රැසක් අතුරුදන්

china protesters vanished

චීනයේ කොවිඩ් සම්බන්ධ රජයේ ප්‍රතිපත්තියට එරෙහිව උද්ඝෝෂණයක නිරත වූ විරෝධතාකරුවන් බොහෝ පිරිසක් අතුරුදන්ව ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පසුගිය නොවැම්බර් මාසයේ සිට පැවති විරෝධතාවලට සහභාගී වූ පිරිස්වලට එරෙහිව රජය විසින් දැඩි ක්‍රියාමාර්ග ගෙන ඇති තිබූ බව වාර්තා වෙයි.

එම විරෝධතා සඳහා දහස් ගණනක පිරිස් එක්ව සිටි අතර ඔවුන් විසින් චීන ජනාධිපති ෂී ජින්පින්ග් ගේ පාලනය දැඩිලෙස විවේචනයට ලක්කර තිබුණි.

විරෝධතාවලට සහභාගී වූ පුද්ගලයින් කිහිපදෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්වූ බවට බලධාරීන් ප්‍රකාශ කර තිබුණ ද මානව හිමිකම් ක්‍රියාකාරීන් පෙන්වාදෙන්නේ 100 ඉක්මවූ පිරිසක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවය.

රට තුළ කොවිඩ් වසංගතය පාලනය කිරීමට සමත්වූ බවට ද චීන රජය මේ වන විට නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top