ඊයේ 14 වැලන්ටයින් දිනයේදී මාලදිවයිනේදී දකුණු අප්රිකානු කාන්තාවක සහ කැනේඩියානු ජාතික පුරුෂයෙකු දියයට දිගම හාදුවට හිමි ගීනස් වාර්තාව පිහිටුවා ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි.
වැලන්ටයින් දිනයට සමගාමීව දිය යට දිගුම හාදුව සඳහා ගිනස් ලෝක වාර්තාව පිහිටුවා ඇත්තේ 40 හැවිරිදි බෙත් නීල් පෙම්වතිය සහ ඇගේ පෙම්වතා වන 33 හැවිරිදි මයිල්ස් ක්ලෝටියර්ය.
‘ලක්ස්* සවුත් එයාර් ඇටෝල් (LUX* South Ari Atoll) නමැති මාලදිවයින් නිවාඩු නිකේතනයේදී දිය යට සිය දෙතොල් වසා විනාඩි 4ක් තත්පර 6ක පමණ කාලයක් සිප ගැනීම සිදු කර තිබේ.
මින් ඉහත 2010 වසරේදී මිනිත්තු 3 සහ තත්පර 24ක් දිය යටදී සිපගත් මිචෙල් ෆුකරිනෝ සහ එලිසා ලසායිනා යුවල විසින් පෙර මෙම ලෝක වාර්තාව තබා තිබූ අතර එය දැන් බිඳ වැටී ඇත.
බෙත් හා මයිල්ස් දින තුනක පුහුණුවීම්වලින් පසුව ඔවුන්ගේ වාර්තාව තැබූ බව එම යුවළ පවසා තිබෙයි.
![untitled design 2023 02 15t121314.427 sixteen nine](https://www.ceylebritynews.lk/wp-content/uploads/2023/02/untitled_design_-_2023-02-15t121314.427-sixteen_nine-1024x576.jpg)
![Underwater kiss world record broken for Valentines Day](https://www.ceylebritynews.lk/wp-content/uploads/2023/02/Underwater-kiss-world-record-broken-for-Valentines-Day-1024x685.jpg)