ශ්‍රී ලංකාවේ වැඩිම කොටස් ප්‍රමාණයක් හිමි සමාගම මෙන්න

share market

මෙරට වැඩිම ලැයිස්තුගත කොටස් ප්‍රමාණයක් හිමි සමාගම බවට LOLC ෆිනෑන්ස් පීඑල්සී අද (03) දිනයේ දී පත් විය. ඒ කොටස් බිලියන 33කට හිමිකම් කියමිනි.

අද වන විට LOLC ෆිනෑන්ස් පීඑල්සී හි ලැයිස්තුගත කර තිබෙන සම්පූර්ණ කොටස් ප්‍රමාණය 33,079,212,299 ක් වේ.

මෙලෙස අද දිනයේ දී LOLC ෆිනෑන්ස් පීඑල්සී කොටස් ප්‍රමාණය ඉහළ අගයයක් ගැනීමට ප්‍රධාන වශයෙන් හේතු වූයේ LOLC  සමූහයේ තවත් මූල්‍ය සමාගමක් වූ LOLC Development Finance PLC සමඟ ඒකාබද්ධ වීමෙන් අනතුරුව එතෙක් පැවති  LOLC Development Finance PLC එක් කොටසක් LOLC ෆිනෑන්ස් පීඑල්සී කොටස් 55 ක් බවට පරිවර්තනය වීමයි.

ඒ අනුව එතෙක් LOLC Development Finance PLC හි ලැයිස්තුගත කර තිබූ 251,415,963 ක් වූ කොටස් ප්‍රමාණය වෙනුවට LOLC ෆිනෑන්ස් පීඑල්සී නව කොටස් 13,827,877,965 ක් අද දින ලැයිස්තුගත කෙරිණි.

මීට පෙර 2022 මාර්තු මාසයේ  දී LOLC  සමූහයේ තවත් මූල්‍ය සමාගමක් වූ කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගම ද LOLC ෆිනෑන්ස් පීඑල්සී සමඟින් ඒකාබද්ධ කෙරුණි. ඒ හරහා ද LOLC ෆිනෑන්ස් පීඑල්සී හි නිකුතු කොටස් ප්‍රමාණය ඉහළ යන ලදී.

අද වන විට වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය අනුව කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගම් අතුරින් දෙවැනියට විශාලතම සමාගම වන්නේ LOLC ෆිනෑන්ස් පීඑල්සී සමාගමයි. ඒ රු. බිලියන 215 ක වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණයකට හිමිකම් කියමිනි. එය සමස්ත වෙළෙඳපොළෙන් 5.49% ක කොටසක් වේ.

LOFC Market Notification
Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top