Author name: Editor

tukish earthquick

පැය 18ක් ඇතුළත දෙවන භූමිකම්පාවත් (turkish earthquake) තුර්කියට බලපායි – මියගිය පිරිස 1800 ඉක්මවයි (Photos And Videos)

තුර්කියේ සහ සිරියාවේ දේශසීමා මායිම්හි මෙවනවිට ඇතිවන භූ කම්පන තත්වයන් නිසා මියගිය පිරිස 1800 ඉක්මවා ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි. බලගතු භූමිකම්පා දකුණු සහ මධ්‍යම තුර්කියට දෙකක් ඇති විය. පළමුවැන්න රික්ටර් ඒකක7.8 ක අගයක් ගත් අතර එරට වේලාවෙන් 04:17 සිදුවිය. පුළුල් හානියක් තුර්කියේ සහ සිරියාවේ  බටහිර දෙසින් සිදු වූ අතර,  දෙවන භූමිකම්පාව පැය 9 කට පසුව […]

පැය 18ක් ඇතුළත දෙවන භූමිකම්පාවත් (turkish earthquake) තුර්කියට බලපායි – මියගිය පිරිස 1800 ඉක්මවයි (Photos And Videos) Read More »

child marrage

බාලවයස්කාර විවාහ කරගත් පිරිමින් 2000කට අධික පිරිසක් අත්අඩංගුවට

ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තය  තුළ සිදුවුණු නීතිවිරෝධී බාලවයස්කාර ළමා විවාහ  සම්බන්ධයෙන්  පිරිමි පුද්ගලයන් 2,169දෙනෙකු අත්අඩංගුවට ගත් බව එම ප්‍රාන්ත පොලීසිය පවසයි. පසුගිය සතිඅන්තයේදී සිදුකළ වැටලීම්වලදී පමණක් මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබේ.  අද වනවිට ඉන්දියාවේ විවාහ නීතියට අනුව අවම වයස් සීමාව පිරිමින් සදහා අවුරුදු 21ක් වන අතර, කාන්තාවන් සදහා එය වයස අවුරුදු 18කි. එහෙත් විවිධ බලපෑම් හේතුවෙන් ගැහැනු

බාලවයස්කාර විවාහ කරගත් පිරිමින් 2000කට අධික පිරිසක් අත්අඩංගුවට Read More »

darshana handungoda

දර්ශන හඳුන්ගොඩ අත්අඩංගුවට

සමාජ මාධ්‍ය ක්‍රියාකරුවෙකු වන දර්ශන හඳුන්ගොඩ ඊයේ (05) රාත්‍රියේ අත්අඩංගුවට පත්වූ අවස්ථාවේ වීඩියෝ දර්ශන අප වෙත ලැබී තිබේ. ඩුබායි සිට මෙරටට පැමිණෙමින් සිටියදී මොහු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි. එම අවස්ථාවේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් දර්ශන හඳුන්ගොඩ පවසා සිටියේ, “මොනවා වෙයිද දන්නේ නෑ…බලමු” යනුවෙනි. පොලිස් ආරංචිමාර්ග පවසන්නේ,

දර්ශන හඳුන්ගොඩ අත්අඩංගුවට Read More »

youtuber murder

යූටියුබ් ඔස්සේ කළ විවේචන ඉවසනු බැරිව පියා ‘යූටියුබ් තාරුකා‘ දියණිය මරලා (Photos/Videos)

22 හැවිරිදි යූටියුබ් තාරකාවකගේ ශෝචනීය ඝාතනය නිසා ඉරාකයේ නොසන්සුන්තාවයන් පැනනැගී තිබේ. Tiba Al-Ali නමැති මෙම තරුණිය එරට ජනප්‍රිය යූටියුබ් නාලිකාවක් පවත්වාගෙනගිය කෙනෙකි.ඇය ඇගේ පෙම්වතාද සමග එක්ව මෙම නාලිකාව ඇගේ දෛනික ජීවිතයේ  විස්තර ගෙන එන‘ව්ලොග්‘ එකක් ලෙස කරගෙන ගිය අතර පසුගිය කාලයේ ඇය ඇගේ පියා හා අමනාපවී සිටි බව කියැවේ. මේ හේතුවෙන් ඇය ඉරාකයෙන් තුර්කියට පිටව

යූටියුබ් ඔස්සේ කළ විවේචන ඉවසනු බැරිව පියා ‘යූටියුබ් තාරුකා‘ දියණිය මරලා (Photos/Videos) Read More »

police viyadam

පොලීසියේ මැතිවරණ වියදම් ඇස්තමේන්තුව 06 ගුණයකින් ඉහළ ගියේ කොහොමද?

එළැඹෙන පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුව ඉදිරිපත් කර ඇති  ඇස්තමේන්තුව 2018 වර්ෂයේ ඇස්තමේන්තුගත මුදලට වඩා හය ගුණයක් වැඩි බව සන්ඩේ ටයිම්ස් වාර්තා කර තිබේ. අදාළ වාර්තාවේ දැක්වෙන්නේ, ඇස්තමේන්තු කරන ලද විශාල වියදමට එරෙහිව මහා භාණ්ඩාගාරයට විරෝධතා ගොනු කිරීමට මැතිවරණ කොමිසම සූදානම් වන බව ය.පොලිස් දෙපාර්තමේන්තුව විසින් අසාමාන්‍ය මිල අධික ඇස්තමේන්තුවක් ඉදිරිපත් කිරීම පිළිබඳව

පොලීසියේ මැතිවරණ වියදම් ඇස්තමේන්තුව 06 ගුණයකින් ඉහළ ගියේ කොහොමද? Read More »

russia and ukrain

යුක්‍රේන ජනපති ඝාතනය නොකරන බවට පුටින්ගෙන් පොරොන්දුවක්

යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් ස්ලෙනෙස්කි ඝාතනය නොකරන බවට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් තමන්ට පොරොන්දු වී ඇතැයි ඊශ්‍රායලයේ හිටපු අග්‍රාමාත්‍ය නෆ්තාලි බෙනට් පවසනවා. රුසියානු ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවකදී ‘ඔබ ස්ලෙනෙස්කිව ඝාතනය කිරීමට සැලසුම් කර ඇත්දැයි’ තමන් රුසියානු ජනාධිපතිවරයාගෙන් විමසූ බවයි ඊශ්‍රායලයේ හිටපු අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ. එහිදී තමන් ස්ලෙනෙස්කිව ඝාතනය නොකරන බවත්, ඔහු ඝාතනය කිරීමේ  අවශ්‍යතාවක් තමන්ට නොමැති බවත්

යුක්‍රේන ජනපති ඝාතනය නොකරන බවට පුටින්ගෙන් පොරොන්දුවක් Read More »

sanath nishantha amude

“අපිට වැඩිය මාලිමාව එක ජන්දයක් හරි ගත්තොත් මම අමුඩෙ ගහගෙන දුවනවා ” – සනත් නිශාන්තගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්…

ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී පොදු ජන පෙරමුණට වඩා එක් ජන්දයක් හෝ ජාතික ජන බලවේගය ලබා ගනී නම් තමන් “අමුඩයක් ” ඇද මහ පාරේ දුවන බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා ප්‍රකාශ කර තිබෙනවා. ඔහු මේ බව සඳහන් කර තිබෙන්නේ You Tube නාලිකාවක් සමඟ සාකච්චාවකට එක් වෙමින්. යම් හෙයකින් පොදු ජන පෙරමුණට වඩා ජවිපෙ එක් ජන්දයක්

“අපිට වැඩිය මාලිමාව එක ජන්දයක් හරි ගත්තොත් මම අමුඩෙ ගහගෙන දුවනවා ” – සනත් නිශාන්තගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්… Read More »

baloon

තුන්වන ලෝක යුද්ධයද මේ ආරම්බය? බැලූනයේ අර්බුදය දිග්ගැස්සෙයි – ප්‍රතිචාර සඳහා සූදානම් වන්නැයි චීනයෙන් අමෙරිකාවට අනතුරු ඇගවීම්

සිය රටට අයත් බැලූනයක් අමෙරිකාව මිසයිලයකින් විනාශ කිරීම සම්බන්ධයෙන් චීනය දැඩි විරෝධය පළ කරනවා. චීනය පවසන්නේ අමෙරිකාව ඒ සදහා හමුදාව යොදා ගැනීම කිසිසේත් අනුමත කළ නොහැකි බවයි. අමෙරිකාවේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් අවශ්‍ය ප්‍රතිචාර දක්වන බව ද චින විදේශ කටයුතු අමාත්‍යාංශය පවසා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා. ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් චීන විදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ

තුන්වන ලෝක යුද්ධයද මේ ආරම්බය? බැලූනයේ අර්බුදය දිග්ගැස්සෙයි – ප්‍රතිචාර සඳහා සූදානම් වන්නැයි චීනයෙන් අමෙරිකාවට අනතුරු ඇගවීම් Read More »

budupilima horu

වටිනා බුදුපිළිම රැගෙන යද්දි පොලීසියට කොටුවෙයි

පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් බුදුපිළිම 03ක් ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු මකුළුවැව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, දඹුල්ල විශේෂ අපරාධ විමර්ශන අංශයට ලැබුණු තොරතුරක් මත මකුළුවැව ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් පරීක්ෂා කිරීමේදී බුදුපිළිම ප්‍රවාහනය කරමින් සිටි එම සැකකරුවන් අත්අඩංගුවට ගත් බවය. සැකකරුවන් 21 හැවිරිදි සහ 50 හැවිරිදි දේවහුය ප්‍රදේශයේ පදිංචිකරුවන් බව සඳහන් ය.

වටිනා බුදුපිළිම රැගෙන යද්දි පොලීසියට කොටුවෙයි Read More »

cryptocurrency proposal

මහබැංකු අධිපති ඉවත දැමූ බිලියනපතිගේ cryptocurrency යෝජනාව

බිලියනපති ආයෝජන ටිම් ඩ්‍රේපර්ගේ යෝජනාව ප්‍රතික්ෂේප කරමින් මහබැංකු අධිපති ආචාර්‍ය නන්දලාල් වීරසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කර ඇත. මහබැංකු අධිපතිවරයා පවසන්නේ ශ්‍රී ලංකාවට බිට්කොයින් භාවිතයට යොමුවීම අර්බුදය ඉහළ යාමට හේතු විය හැකි බවත් බිට්කොයින් භාවිතයට යොමු වීම පිළිබඳ මහබැංකුව තවමත් තීරණය කර නොමැති බවත් ය.

මහබැංකු අධිපති ඉවත දැමූ බිලියනපතිගේ cryptocurrency යෝජනාව Read More »

Scroll to Top